ජොන්ස්ටන්ට අධිචෝදනා – රටින් පිටවීමත් තහනම්

අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3කට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණය නඩුව අවසන් වන තෙක් ඔවුන්ට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරයි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ යි මෙම අධි චෝදනා භාර දී තිබුණේ.
ඉන් අනතුරු ව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදෙස් ගමන් නඩු විභාගය අවසන් වනතෙක් තහනම් කිරීමට ද නියෝග කළා.
විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කළ යුතු බවටත් විත්තිකරුවන් වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.
මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය ලබන මස 30 වැනි දා කැඳවීමට අධිකරණය නියෝග කළා.

