ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකය එළියට – ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කාටද ?

ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකය එළියට – ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කාටද ?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් (SI) විසින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකයෙහි (අදියර 3) වාර්තාවේ සාරාංශය ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ, මෙම මත විමසුම සැලසුම් කර ඇත්තේ මහජන අත්දැකීම්, අරගලය පිළිබඳ ඔවුන්ගේ මතය සහ වර්තමාන ආර්ථික දේශපාලනික අර්බුධයේ විවිධ පැතිකඩ පිළිබඳ මහජන මතය ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ය.

මෙහිදී ආර්ථික අර්බුදය විසඳීමේ නිවැරදි තීරණ ගනී දැයි යන්න පිළිබඳ නායකයින් කෙරෙහි පවතින විශ්වාසය 48.5% අනුර කුමාර දිසානායකට ලැබී තිබුණා.

මෙහිදී රනිල් වික්‍රමසිංහට ලැබී තිබුණේ සියයට 36.6ක්.

මහජනතාව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට එකඟතාවය, ගෘහස්ථ අපහසුතා යන කාණ්ඩ කිහිපයකින් මෙම පරීක්ෂණය ඔවුන් මෙහෙයවා තිබුණා.

(SI) විසින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකයෙහි සම්පුර්ණ වර්තාව පහතින්,