ඉදිරියේ දී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් – අධ්‍යාපන ඇමති

ඉදිරියේ දී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හරහා පාසල් වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මෙවර උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැළසුම් ඇති බවයි. 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල ඉදිරි සති දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය. අගෝස්තු 15 වන දින ඒම ප්‍රථිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වී සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය නිසා ප්‍රායෝගික පරීක්ෂණ නියමිත දිනට නොපැවැත් වූ බැවින් මෙම ප්‍රමාදය ඇති වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

