ගෝඨාභයට විසා නොමැතිව දින 90 ක කාලයක් තායිලන්තයේ රැදී සිටීමට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා.
දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා සැළකිල්ලට ගෙන එය සළකා බලන බවයි තායි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක දැක්වෙන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් ඇති බැවින් හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට, 2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇතිකරගත් එකගතා ගිවිසුමකට අනුව අවසර හිමිවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දෙනවා.
හිටපු ජනාධිපතිවරයාගෙන් මේ දක්වා කිසිදු දේශපාලන රැකවරණ පතා ඉල්ලීමක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලා.
ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
ඔහු එහිදී තාවකාලික රැකවරණයක් අපේක්ෂා කරනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පසුගිය මස 14 වනදායි.
අනතුරුව ඔහුට තවත් දින 14 ක කාලයක් එරට රැඳී සිටීමටද සිංගප්පූරු බළධාරීන් අවසර දී තිබුණා.

