චීන සමාජ මාධ්‍ය වේදිකාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන ව්‍යාපාරයක් තහනම් කරයි

චීන සමාජ මාධ්‍ය වේදිකාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන ව්‍යාපාරයක් තහනම් කරයි

චීනයේ යුවාන්වැංග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය හා එම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට රජය ගත් පියවරට විරෝධය දක්වමින් චීනයේ සමාජ මාධ්‍ය වේදිකාවක් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපතිකාර්යාලය සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක් අත්හිටුවා තිබේ.

චීනයේ ශ්‍රී ලංකා බලධාරීහු මෙම ප්‍රචාරණ ව්‍යාපාරය සිකුරාදා දිනයේදී චීන සමාජ මාධ්‍ය වේදිකාවක් ‘Douyin’ (ටික්ටොක් වේදිකාව චීනය තුළ හඳුන්වන නම) හිදී දියත් කිරීමට සංවිධානය කර තිබේ.

කෙසේවෙතත් එය ක්‍රියාත්මක කළ නොහැකි බව අදාළ සමාජ මාධ්‍ය වේදිකාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

එමෙන්ම චීනයේ බොහෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘණාත්මක ප්‍රකාශයන් හුවමවාරු වන බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඇතැම් චීන සුපිරි වෙළෙඳසැල් ශ්‍රී ලංකා භාණ්ඩ මිලදී ගැනීම ප්‍රමාද කර ඇති බවද දැනගන්නට ඇත.