රන්ජන්ට සමාව ලබා දීම සාධාරණයි – අධිකරණ ඇමති

රන්ජන්ට සමාව ලබා දීම සාධාරණයි – අධිකරණ ඇමති

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සමාව ලබා දීම සාධාරණ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

මාධ්‍ය හමුවකදී අද (10) අදහස් දක්මින් ඔහු සඳහන් කළේ, රන්රජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට නිර්දේශයක් ද ඉදිරිපත් කළ බවය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වඩාත් පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා මම නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ වගේ ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වාර්තාවත් ලබා ගත්තා. ජනාධිපතිතුමාට මම නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා කොන්දේසියකට යටත්ව. මේ දඬුවම් ලබා දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව. මෙවැනි කාරණයකදී ඔහු දීර්ඝ කාලීනව එක පැත්තකින් දඬුවම් විඳලා තියෙන නිසා ත් ඔහුට හොඳ කල් ක්‍රියාවෙන් සිටින නිසා ත් අපි විශ්වාස කරනවා ඔහුට මේ අවස්ථාවේදී සමාවක් ලබා දීම ඉතා ම ත් සාධාරණයි කියලා. අධිකරණයට කරන ලද ප්‍රකාශය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට දුන්නට පස්සේ ජනාධිපතිතුමා ඒ සමාව දී ම සුදුසුයි කියන මතය තමයි අපි ඉන්නේ.” යනුවෙන් පැවසීය.

COMMENTS