රනිල්ගෙන් අනුරට ලිපියක්

ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බව ජනාධිපතිවරයා එහි සදහන් කර ඇත.
එමෙන්ම එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
කෙසේ වෙතත් අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට අනුර කුමාර විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකට ලිපියකින් සදහන් කර ඇත.

