ආණ්ඩුකාරවරුන්ට ජනපති රනිල්ගෙන් අලුත් වගකීමක්

ආණ්ඩුකාරවරුන්ට ජනපති රනිල්ගෙන් අලුත් වගකීමක්

පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පළාත් සංවර්ධන කටයුතුවලදී ආණ්ඩුකාරවරුන් පලාතේ සියලුම මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බවටද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි.

ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් වෙත ලබාදී ඇති උපදෙස් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට මේ වනවිට ලිඛිතව දැනුම් දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.