උතුම් නිකිණි පොහෝ දිනය අදයි

උතුම් නිකිණි පොහෝ දිනය අදයි

බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සලකනූ ඇත.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම, නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.

නිකිණි පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල දාන, ශීල, භාවනාදී පින්කම් පැවැත්වෙනවා.

එමෙන්ම මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාති‍්‍රයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.