ගෝඨාභය තායිලන්තයට ඇතුළු වෙයි

ගෝඨාභය තායිලන්තයට ඇතුළු වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය බලා ගොස් තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, තම සාක්ෂිකරුවන් තිදෙනෙකු මේ බව තහවුරු කළ බව ය.

ඒ අනුව, ඔහු ඊයේ (11) තායිලන්තයේ, බැංකොක් නුවර වෙත ළඟා වී ඇතැයි එම පුවත් සේවය වාර්තා කළේ ය.

එම වාර්තාවල දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට විශේෂ ගුවන් යානයකින් බැංකොක්හි දොන් මුආන්ග් ගුවන් තොටුපළට පැමිණියේ ඔහු සිංගප්පූරුවෙන් පිටව ගිය බව එරට නගර ප්‍රාන්ත ආගමන අධිකාරිය ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසු බව ය.

ජුලි 14 වන දා ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ගොස් සිංගප්පූරුවට පළා ගිය හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට නියමිත ය.

COMMENTS