යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (11) උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර, පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය වෙතින් රුසියාව වෙත එල්ල වන්නේ, දැඩි විරෝධයක්.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ දී ද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

මෙලෙස Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ල වීම ඉතා අවදානම් තත්වයක් බව එහි න්‍යෂ්ටික නිරීක්ෂක ප්‍රධානී වන රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය අවධාරණය කර යි.

https://bit.ly/3pdMJG9

COMMENTS