ලබන සතියේ සිට සියලු පාසල් සාමාන්‍ය පරිදි

ලබන සතියේ සිට සියලු පාසල් සාමාන්‍ය පරිදි

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අනිද්දා (අගෝ. 15) සිට සතියේ දින 5 ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් සහන සැලසිය යුතු ක්‍රමවේදය පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

එමෙන් ම, ඉදිරි තුන් මසක කාලය තුළ පාසල් කාලය විෂය ඉගැන්වීම් සඳහා යොදාගත යුතු අතර, විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදුකළ යුතු බව ත්, උත්සව පැවැත්වීම තවදුරට ත් සීමා කරන ලෙසත් දැනුම් දී තිබේ.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.