දේවස්ථානයක ගින්නක් – 41 මරුට

ඊජිප්තුවේ දේවස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් විශාල ගණනක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ගිනි ගැනීම සිදු වන අතරතුර දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් ඉන් පිටවීමට උත්සාහ දැරීමේ දී ඇති වූ තෙරපීමකින් ද බැතිමතුන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න හේතුවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 41 ක් වන අතර තුවාල ලැබූ පිරිස ද විශාල ගණනක් බවයි ඊජිප්තු බලධාරින් සඳහන් කරන්නේ.
මෙලෙස මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ.
න්න ඇති වූ, කොප්ටික් අබු සිෆින් දේවස්ථානයේ දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් 5,000ක් රැස්ව සිටිය දී යි මෙම ගින්න ඇති වී තිබුණේ.
ගින්නත් සමග ඉන් පිට වී යාමට උත්සහ දැරූ පුද්ගලයන්ගෙන් දේවස්ථානයේ පිවිසුම් මාර්ගයක් ද අවහිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගින්නට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැති අතර මේ වන විට ගින්න පාලනය කර තිබෙන බව ඊජිප්තු ගිනි නිවන අංශ පවසනවා.

