ඉන්ධන කෝටාව ලබා ගැනීමට වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර

ඉන්ධන කෝටාව ලබා ගැනීමට වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර

ඉන්ධන අවසර පත්‍රය යාවත්කාලීන කිරීම යටතේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමටයි අවසර ලබා දී ඇත්තේ.

මේ යටතේ රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවෙනු ඇති.

එහිදී එක් දූරකතන අංකයකින් හෝ අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.

මේ අතර,ගෙවුණු සතියේ පරිභෝජනය කෙරුණු ඉන්ධන ප්‍රමාණය ගැන සලකා බලා, ලබන සතියේ දී වාහනවලට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාවෙහි කිසියම් සංශෝධනයක් සිදු කරනවා ද නැද්ද යන වග සම්බන්ධයෙන් අද (14) තීරණය කෙරෙනු ඇති.

COMMENTS