හැරී පෝටර් රචනා කළ කතුවරියට මරණ තර්ජන

හැරී පෝටර් කතා මාලාව රචනා කළ සුප්‍රකට ලේඛිකා ජේ.කේ.රෝලින්ග්ට ප්‍රසිද්ධියේ ජීවිත තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (13) පිහි ඇනුමට ලක්වූ රුෂ්ඩි සම්බන්ධයෙන් ඇය තැබූ සමාජ මාධ්‍ය සටහනකට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ “මීළඟට ඔබ” ලෙසය.
මීර් අසීෆ් අසීස් නම් මේ තැනැත්තා ඉරාන සහාය ලබන යම් අන්තවා දී කල්ලියක සාමාජිකයෙකු බව ද සඳහන්.
ඒ අනුව ජේ.කේ.රෝලින්ගේ ආරක්ෂා දැඩි කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


