ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද – ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් – මෝදි

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අද (15) නවදිල්ලියේදී පැවැත්වෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
2014 වසරේ සිට මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නවවන නිදහස් සැමරුම ලෙසයි මෙය සැළකෙන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින පීඨිකාවක සිට අද ජාතිය ඇමතුවා.
අඛණ්ඩව 9 වැනි වරටත් ඓතිහාසික රතු බලකොටුවේ සිටි නිදහස් දිනයේ ජාතිය අමතන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (15) ත්‍රි-වර්ණ ඉන්දීය ධජයේ ඉරි කිහිපයක් සහිත සුදු පැහැති ජටාවක් පැළඳ සිටීම කැපී පෙනුණා.
නිදහස් දින ආචාර වෙඩි මුර 21 පැවැත්වීම සඳහා පළමුවරට මුලු මනින්ම ඉන්දියාවේ නිෂ්පාදිත ගිනි අවි (howitzer guns) යොදා ගැනීම විශේෂත්වයක්.
නිදහසේ 75 වසර සම්පූර්ණ කිරීම නව අධිෂ්ඨානයකින් නව දිශානතියකට පිය නැගිය යුතු කාලයක් බව අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
“අපට ඉහළට පියාසර කළ හැක්කේ අපි අපේ මුල්වලට සම්බන්ධ වූ විට පමණයි. අපි ඉහළට පියාසර කරන විට, අපි මුළු ලෝකයටම විසඳුම් ලබා දෙන්නෙමු.යැයි අගමැති මෝදි සිය කතාවේදී පැවසුවා.”
ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් විය යුතුයි. “මම තරුණයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි වසර 25 ජාතියේ සංවර්ධනය සඳහා කැප කරන ලෙසයි.අපි සමස්ත මානව වර්ගයාගේම සංවර්ධනය සඳහා කටයුතු කරන්නෙමු,” අගමැති මෝදි අවධාරණය කළා. ඉන්දියාවට සුබ නිදහස් දිනයක් වේවා!

