කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිළ ගණන් ඉහළ යාම පිළිබඳ විශේෂ අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පාරිභෝගික අධිකාරියට ලබාදී ඇති බවයි.
සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව බව ද ඔහු පැවසුවේය.

