මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට ?

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරමින් එය මේ වනවිට (15) කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ඉදිරිපත් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.
ව්‍යවස්ථාදායකය හෙවත් මෙරට පාර්ලිමේන්තුවේ ඇති බලතල වැඩිම කාරක සභා අතරින් ප්‍රමුඛ වන්නේ ද මුදල් කාරක සභාවයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවනු ලැබුවේ මෙම මස 10 වැනි දිනයි.

