නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට යළි ඇමතිකම් දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට යළි ඇමතිකම් දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම තවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණතුළ මේ වනවිට විශ්වාසයක් හටගෙන ඇතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙකු ‘අද’ පුවත් පතට පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් “අද” පුවත් පත වාර්තා කර තිබෙනවා.

එම පුවත් පත වාර්තා කරන ආකාරයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බවයි.

එසේම සමගිජන බලවේගය හා ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ගෙන් මතුව ඇති විරෝධතාව මීට හේතුවී ඇති බව පෙන්වා දී ඇති එම ප්‍රකාශකයා ඒ සඳහා යම් විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අභ්‍යන්තරය විශ්වාස කරන බවද පවසා තිබේ.

ජොන්ස්ටන්ප්‍රනාන්දු, නාමල්රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත්කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල්රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබුණ බව එම පුවත් පත වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.