සාප්පු සංකීර්ණයක ප්‍රබල පිපිරීමක්

ප්‍රබල පිපිරීමකින් අනතුරුව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි සාප්පු සංකීර්ණයක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුර්මාලු නම් මෙම සාප්පු සංකීර්ණයේ සිදු වූ පිපිරීමෙන් දෙදෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආර්මේනියානු ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.
පිපිරීමෙන් පසු විශාල දුමාරයක් ප්‍රදේශය පුරා වේගයෙන් පැතිර යමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

