විමලවීර දිසානායක තීරණයක් ගනී

ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇති කරන තුරු දේශපාලනයෙන් ඉවත්ව තමා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය.
ඒ අනුව, තමා නැවත මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසීය.
අරගලකරුවන්ට අවශ්‍ය අප වැනි නායකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඊට තමා අනුගත වන බව ද විමලවීර දිසානායක කීය.
සිස්ටම් චේන්ජ් ඉල්ලූ පිරිස් එම වෙනස සිදුකර පෙන්වන ලෙස ද ඒ දෙස තමා දේශපාලනයෙන් ඉවත් වී බලා සිටින බව ද විමලවීර දිසානායක මන්ත්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

