ශ්‍රී ලංකාව තවත් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘ඩී’ දක්වා පහත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
‘ඩි’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බව එස් ඇන්ඩ් පී සමාගම පෙන්වා දෙයි.
2022 වසර මුලදී බැඳුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පුද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12 ක මුදලක් ණයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය ‘ඩි’ වේ.
ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට ඉහළ පොලී අනුපාතයක් පිරිනමනු ලැබුවත් ‘ඩි’ ශ්‍රේණියේ බැඳුම්කර ඉහල අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ.

