ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට අපේ සහායක් නෑ

ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට අපේ සහායක් නෑ

ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට සහාය දිය නො හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි මන්ත්‍රීවරිය මේ බව පෙන්වා දුන්නේ.

මෙම විකෘති පාර්ලිමේන්තුව නිවැරදි කීරීමට මැතිවරණයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරිය සඳහන් කළා.

රනිල් – රාජපක්ෂ හවුල විසින් අටවා ගත් මෙම සර්වපාක්ෂික යැ යි කියාගන්නා ආණ්ඩුවට කිසිදු සහායක් ලබා නො දෙන බව යි මන්ත්‍රීවරිය තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර, සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැඟීම සඳහා තිබූ හොඳ ම කාලය ගෙවී ගොස් ඇති බවත් දැන් ක්‍රියාත්මක වීමට යන්නේ, තනි පුද්ගලයකුගේ ප්‍රතිපත්තියක් මත පිහිටි ආණ්ඩුවක් බවත් ආචාර්‍ය හරිනි අමරසූරිය චෝදනා කරනවා.

ව්‍යවස්ථානුකූල ව පත් වුණ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වීම තුළ ඇත්තේ, විකෘතියක් බව යි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

එවැනි ජන මතයට විරුද්ධව නිර්මාණය වන ආණ්ඩුවකට කිසි සේත්ම සහාය නො දක්වන බව ද මන්ත්‍රීවරිය වැඩි දුරටත් සඳහන් කළා.

COMMENTS