රනිල්ගේ හැටි මම හොඳටම දන්නවා – හිටපු ජනපති

රට තිබෙන තත්ත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන ජනාධිපතිවරයා සමඟ තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියා.

