ඇමරිකාවට යළි පදිංචියට යන්න ගෝඨාභය “ග්‍රීන් කාඩ්” ඉල්ලයි

ඇමරිකාවට යළි පදිංචියට යන්න ගෝඨාභය “ග්‍රීන් කාඩ්” ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ සිටින අතර ඔහු නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළද එම තීරණය අවලංගු කර අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද එම එම පුවත්පත සඳහන් කරයි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වෙනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානානපති උදයංග වීරතුංග පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි උදයංග වීරතුංග ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.