රැට්ටගේ බැංකු ගිණුමට ලක්ෂ 50ක් දැමු පුද්ගලයා සොයා ගනී

අරගලයේ මුල සිට ම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා ව සොයාගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින්.
සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (17) සැකකරු ව අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණත් සැකකරු ඊයේ එහි නො පැමිණි බව යි වාර්තා වෙන්නේ.
ජා ඇල ප්‍රදේශයේ පිහිටි රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම මුදල් බැර වී තිබුණා.
නමුත් අදාළ මුදල තැන්පත් වූ දවසේ ම රතිඳු සේනාරත්න, අදාළ සිද්ධිය පිළිබඳ එම පෞද්ගලික බැංකුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
පසු ව තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රතිඳු සේනාරත්න පවසා තිබුණේ, මෙවැනි උගුල්වලට තමා කිසි සේත් ම හසු නො වන බවත් ව්‍යාපාර හා ගිණුම්කරණය වැනි විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තමන්ට ඇති බවත් ය.
මෙතෙක් කාලයක් සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් අරගලය වෙනුවෙන් පෙනී සිටි තමා ව කිසි සේත් ම මෙවැනි උගුල් හරහා නම්මවා ගැනීමට නො හැකි බව යි රතිඳු සේනාරත්න සටහන් කර තිබුණේ.
”අප මර්ධනය කරන්නට මෙතෙක් ගත් නින්දිත ක්‍රියාමාර්ග හා මඩ කැම්පේන් හමුවේ නොසෑලි ඉන්නට පුළුවන් උනේ අපේ අත් 100%. පිරිසිඳු නිසාවෙනි” යනුවෙන් ඔහු අවසාන වශයෙන් සටහන් කර තිබුණා.

