පෝලිම් යුගය අපි අවසන් කළා – තිස්ස කුට්ටිආරච්චි

ගෑස් සහ ඉන්ධන පෝලිම් අවසන් කරමින් සමාන්‍ය මට්ටමට ජන ජීවිතය යථාවත් කිරීමට හැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියයට සියයක් මෙම ගැටලු නොවිසඳුන ද යම්තාක් දුරකට මෙය විසඳා ගැනීමේ ශක්තියක් ඇති බව ය.
“දැන් අර ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට තිබුණු මාතෘකා. අවස්ථාවාදී දේශපාලඥයින්ගේ මාතෘකා. ආණ්ඩුව වට්ටලා මොන ක්‍රමයකින් හරි ආණ්ඩු බලය ගන්න බලන් ඉන්න අයගේ මාතෘකා. ගෑස් පෝලිම තෙල් පෝලිම කියන එක, පෝලිම් යුගය අපි දැන් නතර කරලා, යම් සාමාන්‍ය මට්ටමේ ජන ජීවිතය වෙන දා මට්ටමට ගෙන යන්න බැරි වුණත් සාමාන්‍ය මට්ටමට ජන ජීවිතය Update එකක් දෙන්න පුළුවන් ශක්තියක් අපිට ඇවිල්ලා තියෙනවා.” යනුවෙන් පැවසීය.

