ගෝඨාභයට ආරක්ෂාව දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සලසා දෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ල තිබේ.
බැසිල් රාජපක්ෂ විසින් මෙම ඉල්ලීම සිදු කර තිබුණේ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම එය බවද බැසිල් රාජපක්ෂ සදහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බවයි.

