ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමතිධූර ලැබෙයි – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමතිධූර ලැබෙයි – මහින්ද අමරවීර

සර්වපාක්ෂික ද ජාතික ද යන වචන කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක එකතුවකින් නව ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පවසා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා, “ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළට එනවා. අපට විරුද්ධව විනය පරීක්ෂණ ගැන කියලා වැඩක් නෑ. ශ්‍රී ලනිපයේ විශාල පිරිසකට ඇමති ධූර නියෝජ්‍ය ඇමති ලැබේයැයි,.” ඇමතිවරයා සඳහන් කළේ ය.

ආණ්ඩුව විසුරුවා හරිනවා ද මැතිවරණයකට යනවා ද යන ප්‍රශ්නය මාධ්‍යවේදියෙකු මතු කළ විට අමරවීර ඇමතිවරයාගේ පිළිතුර වූයේ ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හරින්න දැනට බලයක් නෑ කියා ය. එහෙම විසුරුවා හරින්න නම් පාර්ලිමේන්තුවේ සිටින 113කට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනෑ. එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නෑයි කී ඇමතිවරයා ලබන මාර්තු මස වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බලයක් නැතැයි ද, ඒ නිසා හදිසි මැතිවරණයකට යාමට අවස්ථාවක් නැතැයි ද පැවසීය.