නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්

නමුත් කොළඹ දී එම විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල වුණු අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 12 දෙනෙකු පමණ අත් අඩංගුවට ගත් බව යි වාර්තා වෙන්නේ.
විශ්වවිද්‍යාල වහා විවෘත කරනු, ජනතා ගැටලුවලට පිළිතුරු දෙනු යන සටන් පාඨ සහිත ව මෙම විරෝධතාව පැවැත්වුණා.
කෙසේ වෙතත් විරෝධතාවට පහර දී විසුරුවා හැරීම ඉතාමත් ප්‍රජාත්න්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව යි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ.
ඒ, තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.
සරත් ෆොන්සේකා තබා තිබූ සම්පූර්ණ සටහන පහතින්,
”නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්යබලකා සෙබලුන් දහස්ගනනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.
මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ශ අගමැතිවරයා මේ ආකාරයටම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවාගනිමින් සිටියි.
මැයි 9 වෙනිදා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රටම දුටුවේය. මේ පාර කපමින් සිටින්නේ ඊටත් එහාගිය බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මානය කරමින් බව අදක්ශ අකාර්යක්ෂම ජනතාද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතුය.
පොලීසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්ධනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කිසිදිනෙක අනුමත නොකරනු ඇත. ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත් කරනවා නොඅනුමානය.” යනුවෙන් සටහන් කර තිබුණා


