ජනපතිට යවපු පොහොට්ටුවේ ඇමති ලැයිස්තුව

ජනපතිට යවපු පොහොට්ටුවේ ඇමති ලැයිස්තුව

ඉදිරියේ පත්වන සර්වපාක්ෂික ආණ්ඩුවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඇමති ධූර දැරීමට සුදුසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.

මේ සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ කනිෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුගේ ම නම් ඇතුළත් බව ද දැනගන්නට ඇත.

එසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක ඇමති ධූර සංඛ්‍යාව ඉතා අඩු අගයක් විය යුතු බව ද පොදුජන පෙරමුණේ සාමාජිකයන් ද ඊට ඇතුළත් විය යුතු බව ද සාගර කාරියවසම් මහතා කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවරෙන බවත් එම වගකීම් ඉටු කර ජනතාවට සේවය කිරීම පක්ෂයේ වගකීම බව ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත හා කංචන විජේසේකර ඇතුළු පිරිසකට අමාත්‍ය ධූර ලැබිය යුතු යැයි යෝජනා වී ඇතැයි වාර්තා වේ.