ඩලස්ගේ 14 කණ්ඩායම අලුත් ගමනක් අරඹයි

ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්රීවරුන් 14 දෙනාගෙන් යුත් තම කණ්ඩායම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
අද (20) අනුරාධපුර පූජා භූමියට පැමිණි අවස්ථාවේ මේ ඔහු බව සඳහන් කළේ ය.
අනුප්රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඊට තරග කළ ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් සහය පළ කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම අද මෙලෙස අනුරාධපුර පූජා භුමියට පැමිණ තිබේ.
සිය පෞද්ගලික රථවාහනවල වෙන වෙන ම පැමිණීම වෙනුවට ඔවුන් කොළඔ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ බස් රථයකිනි.
අනුරාධපුරයට පැමිණීමෙන් අනතුරුව එම මන්ත්රී කණ්ඩායම ප්රථමයෙන් ශ්රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන ඇත.

