මහජන ආරක්ෂාව සඳහා අතිවිශේෂ ගැසට්ටුවක්

මහජන ආරක්ෂාව සඳහා අතිවිශේෂ ගැසට්ටුවක්

සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25හේම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකි වනු ඇති.

මෙය අනිද්දා (22) සිට බල පැවැත්වෙන පරිදියි නිකුත් කර ඇත්තේ.