සර්වපාක්ෂික අරගලකරුවන්ගෙන් ජනපතිට ලිපියක්

හැකි ඉක්මනින් පිළිගත් සහ සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටින බව සර්වපාක්ෂික අරගලකරුවෝ කියා සිටිති.එය ජනාධිපතිවරයා දුන්පොරොන්දුවක් බවද එහි සඳහන්ය.
තමන්ට සුපුරුදු කල්මැරීමේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය අතහැර පොරොන්දු වූ පරිදි හැකි ඉක්මනින් පිළිගත් සහ සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට සර්වපාක්ෂික අරගලකරුවෝ අවධාරණය කර සිටියි.
අදාළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.


