වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වගන්තියට එරෙහිව ජනපතිට ලිපියක්

වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වගන්තියට එරෙහිව ජනපතිට ලිපියක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ මන්ත්‍රීවරු 50 කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම යොමුකර ඇති බවයි.

ඉල්ලීමට අත්සන් කළ මන්ත්‍රිවරුන් අතරට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිටින බවයි වාර්තාවන්නේ.

මෙම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර ඇති වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව වසර හතර හමාරක් දක්වා වෙනස් කරන ලෙසයි.