ගැසට්ටුව හකුල ගන්න, නැත්නම් අද සිට බිත්තර දෙන් නැහැ

ගැසට්ටුව හකුල ගන්න, නැත්නම් අද සිට බිත්තර දෙන් නැහැ

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් අද (22 ) සිට වෙළෙඳ පොළට බිත්තර නිකුත් නොකරන බවත් සියලු සතුන් මසට අලෙවි කරන බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

පෙරේදා (20 දා) සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

මේ අතර පාලන මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කිරීමට පියවර ගතහොත් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බවත් තොග රැස් කරන නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බවත් වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් ව්‍යාපාරිකයන් තවමත් පාලන මිලට බිත්තර අලෙවි නොකරන බවට පැමිණිලි ලැබී ඇති බැවින් එම ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි වෙළෙද ඇමති නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

කෙසේ වෙතත් ව්‍යාපාරිකයින් සඳහන් කරන්නේ තමන්ට පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බවයි.