මෙරට උද්ධමනය සියයට 66යි දශම 7 දක්වා ඉහළට

මෙරට උද්ධමනය සියයට 66යි දශම 7 දක්වා ඉහළට

ජුලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට අදාළ දත්ත අද (22) නිකුත් කළ අතර, ජුනි මාසයේ උද්ධමන වේගය පැවතියේ, සියයට 58යි දශම 9ක අගයක යි.

වැඩි ම උද්ධමන වේගය ප්‍රවාහනය කාණ්ඩයේ පෙන්නුම් කරන අතර, ජූනි මාසයේ සියයට 96යි දශම 8ක් ව පැවති එම කාණ්ඩයේ උද්ධමන වේගය පසුගිය මාසයේ 117යි දශම 1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමන වේගය සියයට 82යි දශම 5ක්.