ජනපති ගෝඨව අමතයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටට නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දි ඇත.
එසේ අමතා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී කළ ඉල්ලීමකට අනුව වන අතර රාජපක්ෂ මහතාට ආපසු මෙරටට පැමිණිමට පහසුකම් සලසන්නැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවී පසුගියදා කරන ලද ඉල්ලීම අනුවය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා 24 වන දින මෙරට පැමිණෙන බව කලින් වාර්තා වුවද ඒ බව ඔහු විසින් මෙතෙක් තහවුරු කර නැති අතර පැමිණෙන දිනයක් ද මෙතෙක් තහවුරු කර නැත.

