ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා.
ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනය යි.
සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානය තුර්කියත් පත්ව තිබෙනවා.
ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවලට අනුව යි.


