ගෝඨාභයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ගෝඨාභයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපති ධුරය හැර යාමෙන් පසු ව විදේශගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නෑ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව යි.