ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට පෙනී ඉන්නවා – විපක්ෂ නායක

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට පෙනී ඉන්නවා – විපක්ෂ නායක

විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩිවීමක් සිදු ව ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිතවලට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවත් මීට එරෙහි ව ජනතාවාදී විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ව පෙනී සිටින බවත් අද (23) විදුලි පාරිභෝගික සංගමයේ විශේෂ හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මේ රටේ පාරිභෝගික ජතාවගේ අයිතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සිදු වූ බව හා එහි දී මහපාරේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හදුන්වන කාලයක් ස්ථාපිත වී තිබීම කනගාටුදායක බව යි ඔහු පවසන්නේ.

තමන් පිළිගන්නා මතයක් වෙනුවෙන් පෙනී සිටීම සහ රැස්වීම, සාමකාමී උද්ඝෝෂණය, කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති නමුත් රටක ජනතාව දැවැන්ත අන්තරාදායක තත්ත්වයකට පත්කරමින් දරදඩු ක්‍රියාමාර්ග රැසකට ආණ්ඩුව එළැඹී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කරනවා.

ජාත්‍යන්තර ප්‍රජාව සහ සංවිධාන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති මොහොතක ඉදිරියේ ජාත්‍යන්තර සහන පවා නොලැබී යා හැකි බව යි විපක්ෂ නායකවරයා තවදුරටත් පවසන්නේ.

COMMENTS