අදානි ඉන්දියාවේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි එරට ප්රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ කොටස් මිල දී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අදානි සමූහය NDTV නාලිකාවෙහි සියයට 29.18ක කොටස් අත්පත් කර කර ගෙන ඇතැයි අදාළ වාර්තාවල දැක්වේ.
එමෙන් ම, එම සමාගමෙන් තවත් සියයට 26ක් මිල දී ගැනීම සඳහා පියවර ගන්නා බව ද අදානි සමූහය ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් NDTV ප්‍රකාශ කර ඇත්තේ, සිය සමාගමේ නිර්මාතෘ ප්රනෝයි රෝයි සහ රාධිකා රෝයිගේ කිසිදු කැමැත්තකින් හෝ එකඟතාවකින් තොරව මෙම අත්පත් කර ගැනීම සිදු කළ බව ය.
ඔවුන් දෙදෙනා NDTVහි සියයට 32.26ක කොටස්වලට හිමිකම් කියති.
ඊට ප්‍රතිචාර දක්වමින් අදානි සමාගම සඳහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිල දී ගත් බව ය.
ඩිජිටල් ප්රවෘත්ති සපයන්නෙකු වන BloombergQuint හි සියයට 49ක් අත්පත් කර ගන්නා බව මේ වසරේ මැයි මාසයේදී පැවසූ අදානි සමූහය ඔවුන් යටතේ රූපවාහිනී නාලිකාවක් සමග එහි මාධ්‍ය ආයෝජනය තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

