අරලියගහ මන්දිරේ ඉඳලා අපි ගියේ සංදේශයක් බාර දෙන්න (Video)

මැයි 9 වැනි දා සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසන්නේ, එදින තමා අරලියගහ මන්දිරයේ සිට සංදේශයක් රැගෙන ගාලුමුවදොරට ගිය බව යි.
එම අවස්ථාවේ දී ගැටුමක් ඇති වූ බවත් තමා ඇතුළු පිරිසට යම් පුද්ගල කණ්ඩායමක් පහර දීමට පැමිණි බවත් සනත් නිශාන්ත පවසනවා.
මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනු යි ඔහු මේ අදහස් පළ කළේ.
මේ අතර, එසේ සනත් නිශාන්තට පහර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා දැ යි ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වාගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටිනවා.
ඊට ටිල්වින් සිල්වා පිළිතුරු දෙන්නේ, සනත් නිශාන්ත සංදේශය රැගෙන ආවේ පොල්ලක ඔතාගෙන දැ යි අසමින්

