තවත් ඩීසල් නැවක් දිවයිනට

සුපර් ඩීසල් මෙටි්රක් ටොන් 30,000ක් රැගත් නෞකාවක් අද (24) දිවයිනට ළඟාවීමට නියමිත යි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, රුසියානු යූරල් බොරතෙල් මෙටි්රක් ටොන් එක්ලක්ෂ 20,000ක් රැගත් නෞකාව ද ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා වූ බව යි.
එමෙන්ම ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් එළඹෙන 25 වන දා හෝ 26 වන දා දිවයිනට ළඟාවීමට නියමිත බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ සඳහන්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නෞකාවක් එළැඹෙන 27ත් 29ත් අතර කාලයේ දී දිවයිනට ළඟාවීමට නියමිත යි.
මේ අතර, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පෙරේ දා දිනයේ සිට ආරම්භ කර ඇති බව ද විෂයභාර අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

