රාජ්‍ය සේවය සුපුරුදු පරිදි අද සිට වැඩ

රාජ්‍ය සේවය සුපුරුදු පරිදි අද සිට වැඩ

රාජ්‍ය අංශයේ සේවකයන්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වා චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍යසංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්ට මේ බව දැනුම්දෙමින් ඊයේ මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා.