රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේනයේ 22ක් මරුට

රුසියා හමුදා විසින් යුක්රේනයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටිනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව යුක්රේනයේ ආක්‍රමණය කර මාස 06 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වුණා. සිද්ධියෙන් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය පිළිබඳ රුසියා රජය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

