රන්ජා එළියට – රන්ජන්ට අද ලැබෙන තනතුර මෙන්න

රන්ජා එළියට – රන්ජන්ට අද ලැබෙන තනතුර මෙන්න

ජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහෙතෙකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමැණියේය.

සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටි ඒ මහතා පිළිගැනීමට හිතවතුන් විශාල පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමැණ සිටි අතර ඔවුන් අතරට ගිය රාමනායක මහතා ලැබූ නිදහස ඔවුන් සමඟ බෙදා ගනු ලැබීය.

මේ අතර අද(26) දින ජනාධිපති සමාව මත නිදහස් වූ රන්ජන් රාමනායක මහතා විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කර තිබෙනවා

“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරක් වන අතර විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී තිබෙනවා.