පොලීසියේ ඉහළ පුටු දෙකකට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්

පොලීසියේ ඉහළ පුටු දෙකකට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපති කාන්තා නියෝජනය ලෙස නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.

පොලිස් ඉතිරි කිරීමේ සංගමය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය පොලිස් නිලධාරීන් විශ්‍රාම ගිය පසු සුව දිවියක් ගත කිරීම සඳහා මුදල් ඉතිරි කිරීම හා සකසුරුවම් ලෙස පරිහරණය කිරීමට හුරු කිරීමයි.

මෙම සංගමය මගින් දැනට පොලිස් නිලධාරීන් විසින් ඉතිරි කරන ලද මුදලින් 3/4ක මුදලක් ණයක් ලෙස එක් දිනකදී අඩු පොලී ප්‍රතිශතයක් යටතේ ලබාදීමට කටයුතු කරන අතර විශේෂ ණය යටතේ නිලධාරියෙකුට ලක්ෂ 10කට අධික මුදලක් ලබාගත හැකියි.

එසේම ලක්ෂ 15ක පමණ දේපළ ණයක් ද අඩු පොලියක් යටතේ ලබා ගැනීමට හැකියාව පවතින අතර මෙහි සාමාජිකත්වය ලබන නිලධාරීන්ගේ ගිණුම් වසර 15ක් සම්පූර්ණ වූ පසු එම මුදල්වලට වැල් පොලියක් එකතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.