රජයේ සේවකයින් බහුතරයක් අකාර්යක්ෂමයි – කංචන විජේසේකර

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ 26,000ක් වන ලංකා විදුලිබල මණ්ඩල ශ්‍රම බළකාය අඩක් දක්වා අඩුකළ හැකි බවයි.
අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවද අමාත්‍යවරයාගේ මතයයි. මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බවයි.
රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
රාජ්‍ය ආයතනවල කාර්යය සාධනය පදනම් කරගත් වැටුප් ක්‍රමයක් අනිවාර්යය බවද අමාත්‍යවරයාගේ මතයයි.
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල සිටින සේවකයින්ගෙන් බහුතරයක් අකාර්යක්ෂම බවද අමාත්‍යවරයා ට්විටර් සටහනින් දක්වා තිබෙනවා.


