ලංකාවේ දරුවන්ගේ මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමකට ලක්වෙලා – යුනිසෙෆ්

ලංකාවේ දරුවන්ගේ මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමකට ලක්වෙලා – යුනිසෙෆ්

මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරියා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ දැනටමත් මෙරට මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇති බවයි.

ගෝලීය වසංගත තත්ත්වය ඊට මුල් වූ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්වය බරපතළ වී තිබෙනවා.

දිනෙන් දින උග්‍ර වන ආර්ථීක අර්බුදය හේතුවෙන් ළමා අපයෝජන, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරීත්වය මෙන්ම සූරාකෑම ඉහළ ගොස් ඇති බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනටමත් 10,000කට අධික ළමයින් පවුලේ ආරක්ෂාවෙන් මිදී ආයතනික රැකවරණ යටතේ සිටිනවා.

වත්මන් අර්බුදය හමුවේ මෙම තත්ත්වය තවත් වැඩිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.

ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය දකුණු ආසියාවේ අනෙකුත් අනෙකුත් රටවලට ද අනතුරු ඇඟවීමන් බවයි දකුණු ආසියානු කළාපීය මානුෂීය වාර්තාව එළි දක්වමින් යුන්සෙෆ් සංවිධානයේ ප්‍රකාශ කළේ පවතින අර්බුදය හමුවේ දරුවන් මිලියන 2.3කට උපකාර අවශ්‍ය බවයි ඊට අදාළ තොරතුරු පැහැදිළි කිරීමටයි අදාළ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.